තංගල්ල සීනී මෝදර ප්‍රදේශයෙන් හමු වු අයිස් හා හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 705 ක තොගය මෙරටට රැගෙන ආ බව කියන ධීවර යාත්‍රාව හා එහි හිමිකරු අද (02) පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
දෙවිනුවර වාව්ව පදිංචි 50 හැවිරිදි එම සැකකරු රුපියල් ලක්ෂ 35 ක කොන්ත්‍රාත් මුදලක් ලබා ගෙන එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර දී තිබෙන බව මූලික පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
විදෙස් රටක සිට ට්‍රෝලර් යාත්‍රාවකින් එම මත්ද්‍රව්‍ය මෙරට මුහුදු සීමාවට රැගෙනවිත් ඉන් අනතුරුව ධීවර යාත්‍රාවෙන් ගොඩබිමට ගෙනවිත් ඇති බවද කියති.
නෙටොල්පිටිය රැකව ප්‍රදේශයේ දී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබු අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත් ඔහුගේ බෝට්ටුව දෙවිනුවර ධීවර වරායට රැගෙනවිත් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ධීවර යාත්‍රාවට අමතරව තවත් ඩිංගි බෝට්ටුවක් ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සදහා යොදා ගෙන ඇති බවත් ඒ පිළිබඳව ද විමර්ශන සිදු කර ගෙන යන බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි.
තංගල්ල සීනී මෝදර ප්‍රදේශයේ ලොරි රථයක තුනක සගවා තිබියදී තංගල්ල පොලීසිය මෙම මත්ද්‍රව්‍ය තොගය පසුගියදා සොයා ගන්නා ලදි. දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.
ක්‍රිෂාන් ජීවක ජයරුක්