වෙඩි වැදුණු සීතා ඇතින්නට කළ ස්කෑන් පරීක්ෂණයේදී එම ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ යොදා ගෙන බවට තහවුරු වී තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.
ඔහු පවසනුයේ ඇතින්නගේ ශරීරයේ තුවාල හතකින් ඇතුළු වූ වෙඩි උණ්ඩ කැබලි ඇතින්නගේ ශරීරය තුළ තිබෙන බවත් එම වෙඩි උණ්ඩ කැබලි ඉවත් කරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි.
සීතා ඇතින්නට කළ එක්ස් රේ පරීක්ෂණයේදී ඇතින්නගේ හදවත ආසන්නයට කිඳා බැස ඇති වෙඩි උණ්ඩ නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වුවත් ඇතිනට සිදු කළ ස්කෑන් පරීක්ෂණයේදී ඇතින්නගේ ශරීරය තුළ ඇති යකඩ කැබලි හඳුනාගත හැකි වූ බව ද මහාචාර්යවරයා පැවැසීය.
එම ඇතින්න මහරගම ප්‍රදේශයේ සිට පැමිණ මහියංගනය පෙරහරට සහභාගි වීමෙන් අනතුරුව ඉකුත් 30 වැනි දින රාත්‍රියේ මහවැලි නදිය අසල ගසක බැඳ සිටියදී වල් අලියකු යැයි සිතා වනජීවී නිලධාරීන් පිරිසකගේ වෙඩි ප්‍රහාරයට ලක්විය.
සිතා ඇතින්න මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව පැවසූ මහාචාර්යවරයා තවත් දින දෙකකින් පමණ ඇතින්න රඳවා ඇති මැස්සෙන් ඉවත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනත් ස්ථානයකට රැගෙන යාමට සිදුවන බව ද පැවසිය.