මහියංගන රජමහ විහාරයේ පෙරහරකට සම්බන්ධ වීමට ගොස් සිටියදී වනජීවී නිලධාරීන්ගේ වෙඩි පහරකට ලක් වූ සීතා ඇතින්නට සිදුකළ සැත්කමකින් ඇතින්නගේ ශරීර අභ්‍යන්තරයේ සෙන්ටි මීටර් තුනක් කිඳා බැස තිබූ ජීව යකඩ උණ්ඩයක් පිටතට ගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසීය.
සිතා ඇතින්න දැනට ගාල් කොට වැඩිදුර ප්‍රතිකාර සිදු කරන යටිනුවර රණවන ප්‍රදේශයේ දී අද (17) සිදුකළ එම සැත්කමෙන් අනතුරුව වෛද්‍ය දංගොල්ල මහතා පවසා සිටියේ සීතා ඇතින්නගේ ශරීර අභ්‍යන්තරයේ තවත් මෙවැනි වෙඩි උණ්ඩ තිබේ දැයි සොයා බැලීම සඳහා දැනට තිබෙන ස්කෑන් යන්ත්‍ර සහ එක්ස් කිරණ උපකරණ ප්‍රමාණවත් නොවන බවයි . ඇත්න්න දැනට ආහාර ගනිමින් යහපත් සෞඛ්‍ය මට්ටමක සිටිය ද ඉදිරියේදී ඇතින්නගේ සෞඛ්‍ය බිඳ වැටීමේ අවධානමක් පවතින බවද පැවසීය.
ඇතින්නගේ හිමිකරු වන එස්. එම්. රොෂාන් මහතා පවසා සිටියේ ඇතින්නට වෙඩි තබනු ලැබූයේ රබර් උණ්ඩවලින් බවට වනජීවී නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පුනපුනා පැවසූවත් ඇතින්නගේ ශරීරය තුළින් වෙඩි උණ්ඩ මතුවීම තුළින්ඇතින්නට වෙඩිතබා ඇත්තේ ජීව උණ්ඩ වලින් බවට තහවුරු වී ඇති බවත් මෙම වෙඩි තැබීමට ඔවුන් සම්පූර්ණයෙන් වගකිව යුතු බවත්ය.