සීගිරිය වන රක්ෂිතය ආශ්‍රිතව අලුතින් පදිංචිවීමට කිසිවෙකුට ඉඩ නොතැබීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.
කෙසේ වුවද අදාළ ප්‍රදේශයේ මේ වනවිට පදිංචිව සිටින ජනතාව ඉන් ඉවත් නොකිරීමටත්, එසේම ඉඩම් කච්චේරි විධිමත්ව පවත්වාගනිමින් වගා කටයුතු සිදුකිරීමට ඉඩ ලබාදීමටත් එහිදී තීරණය කර ඇත.
සීගිරිය වන රක්ෂිතය ආරක්ෂා කර ගැනීම සහ වනඅලි හා මිනිස් ගැටුම වළක්වාගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර, ඊට විෂය භාර අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවනියෝජනය කරමින් නිලධාරීන්සහභාගි වී තිබිණි.