සිසුවෙකුට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයෙකු පිළිබඳ විමර්ශන අරඹයි
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රාථමික අංශයේ තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට එම විදුහලේ ගුරුවරයෙකු විසින් පොල්ලකින් අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
ආර්.දර්ශන නැමති එම සිසුවාට ඉකුත් 11 දින එම විදුහලේ ගුරුවරයෙකු විසින් සිසුවාගේ පිට කොන්දට , දෙපයට සහ අත්වලට අමානුෂික ලෙස පහර දි ඇති අතර පහර දිමෙන් තුවාල ලැබු සිසුවා දැඩි වේදනාවෙන් නිවසට පැමිණ දෙමවුපියන්ටද ඒ පිළිබඳව නොකියා සිසුවා පාසල් නොගොස් අසනිප තත්ත්වයෙන් නිවසේ රැදි සිටිම පිළිබඳව සැක සිතු එම සිසුවාගේ වැඩිමහල් සොහොයුරිය තම සොහොයුරාගෙන් කරුණු විමසිමේදි සොහොයුරා ඇද සිටි කමිසය ගලවා තමන්ට විදුහලේ ගුරුවරයෙකු විසින් පොල්ලකින් පහර දුන් බවත්, තවදුරටත් තමන්ට පාසල් යාමට නොහැකි බව පැවසු බව එම සිසුවාගේ සොහොයුරිය වන ආර්.මලර් පැවසුවාය.
හැටන් ඩන්බාර් විදියේ පදිංචිව සිටින එම සිසුවාගේ පියා කුලි වැඩ කරමින් තම දරුවන් රැක බලා ගන්නා අතර , පාසලේ අධ්‍යාපන කටයුතු කිරිමට ඉතා දක්ෂ සිසුවෙකු බවත්, එම සිසුවා චිත්‍ර ඇදිමට දැඩි උනන්දුවක් දක්වන බවයි ප්‍රදේශවාසින්ද පවසා සිටියේ.
පහර කැමෙන් තුවාල ලබා දැඩි වේදනාවෙන් සිටි පාසල් සිසුවාට එම සිසුවාගේ පියා විසින් ඊයේ (15) දින රාත්‍රි දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දික්ඔය මුලික රෝහලේ පොලීසිය විසින් හැටන් මුලස්ථාන පොලීසිය වෙත මේ පිළිබඳව කරුණු වාර්තා කර ඇති අතර දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසුවේ සිසුවාට පහර දිම නිසා ශරිරයේ ස්ථාන 8ක පමණ තැලිම් සහ තුවාල සිදු වි ඇති බවයි.
අප මේ පිළිබඳව හැටන් බොස්කෝ විදුහලේ සිංහල අංශයේ ගුරුවරියෙකුගෙන් අප කල විමසුමකට එම ගුරුවරිය කියා සිටියේ රෝහල් ගත කර සිටින සිසුවා අවස්ථා කිහිපයකදිම පාසලේ අනික් සිසුන්ගේ පාට පැන්සල් සොරකම් කිරිම සම්බන්ධයෙන් අවවාද කර සිටි සිසුවෙකු බවයි.
ඉකුත් සිකුරාදා (11) එවැනිම සොරකමක් සිදුකිරිම සම්බන්ධයෙන් විදුහලේ ගුරුවරයෙකු විසින් සිසුවාව යහමගට ගැනිමේ චේතනාවෙන් අවවාද කොට වේවැලකින් පහරවල් කිහිපයක් ගසා ඇති බවයි.

popular news
-
Rufus Randeniya Thursday, 17 October 2019 07:27 AM
සම තුවාල වී තිබෙන ආකාරයෙන් පහර දී තිබෙන හැටි වටහා ගත හැක. එම ගුරුවරයා වහාම පොලිස් අත්අඩංගුවට ගත යුතුය.
Reply : 0 0
Champa Thursday, 17 October 2019 08:06 AM
ඉතාම අමානුෂිකයි. මේ ත්නවෙනි පන්තියේ පොඩි දරුවෙක්නේ. වැරැද්දක් කළා නම් හදා ගන්න මෙච්චර ගහන්න ඕනෙද? හොරකම් කළා නම් දරුවා ඉස්සෙල්ල කරන්න ඕනේ ගහන එක නෙමේ දරුවා ලඟට අරන් ඒ වැඩේ වැරදියි කියලා ආදරෙන් කියල දෙන එක. අඩු ගානේ හෙම තුන්වතාවක්වත් කියලා එත් හරි ගියේ නැත්නම් දෙමව්පියන් ගෙන්වලා කියන්න තිබ්බ.
Reply : 0 0
rocky Thursday, 17 October 2019 08:13 AM
ඔය කියන ගුරුවරිය වත් අත් අඩංගුවට ගැනීම සුදුසුය. ඒ යෝදී ගුරාට සපෝර්ට් කරන බව පෙනේ. ළමයින්ට ඔහොම හරකුන්ට වගේ තලන්න ගුරුවරුන්ට අයිතියක් තයෙනවා නම් ගුරාලාට තලන්න දෙමාපියන්ටත් අවස්තාව දිය යුතුය. අම්මප, මගේ කොල්ලාට එහෙම ඔය විදිහට ගැහුවා නම් මම ගුරාව හම ගහනවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

