සිසුවෙක් තවත් සිසුන් පහකට තියුණු ආයධයකින් පහරදීලා
එප්පාවල නගරයේ පිහිටි රජයේ ප්‍රධාන පාසලක් තුලදී සිසුවකු තවත් සිසුන් පස් දෙනෙකු තියුණු ආයුධයකින් කැපීම හේතුවෙන් තුවාල ලැබූ සිසුන් 05 දෙනෙකු එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ එප්පාවල නගරයේ පිහිටි ප්‍රධාන පාසලක 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ උසස් පෙළ තාක්ෂණ අංශයේ සිසුන් 05 දෙනෙකි. පිහි ඇණුම සිදු කර ඇත්තේද එම පාසලේම 12 වැනි ශ්‍රේණියේ විද්‍යා අංශයේ සිසුවෙකු බවද පොලීසිය පවසයි.
මීට දින කීපයකට ඉහතදී මෙම පිහි ඇණුම කළ සිසුවා හා පිහි ඇණුමෙන් තුවාල ලැබූ සිසුවකු අතර ගැටුමක් සිදු වී ඇති අතර, ඊට පළි ගැනීමක් ලෙස අද (13) මෙලෙස තියුණු ආයුධයක් ( කුඩා පිහියක්) රැගෙන පැමිණ ගැටුමක් ඇති කර ගෙන ඇත. ඒ අවස්ථාවේදී ඔහු තියුණු ආයුධය ගෙන අනෙක් සිසුවා කපා දමා ඇති අතර, එම ගැටුම බේරීමට ගිය තවත් සිසුන් සිව් දෙනකුද ඉන් තුවාල ලබා ඇත.
පාසල තුළට තියුණු ආයුධයක් රැගෙන විත් සිසුන් 05 දෙනෙකුට තුවාල සිදු කළ සිසුවා එප්පාවල පොලීසිය මගින් අදාළ තියුණු ආයුධයද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබූ සිසුන් එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආංචි මාර්ග පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසීය පරීක්ෂණ සිදු කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
