හෝමාගම පාසලක අධ්‍යාපනය ලබන නව හැවිරිදි දැරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ පන්තිභාර ගුරුවරියක අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පනාගොඩ මැද මන්ඩිය ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක බව පොලිසිය කියයි.
මෙම ගුරුවරියට භාර දී තිබෙන පන්තියේ ඉගෙනුම ලබන තචි 9 හැවිරිදි දැරියකට ඉකුත් 23 දා පාසැල තුළදී ගුරුවරිය විසින් පහර දී ඇති අතර ඒ සම්බන්ධයෙන් දැරිය නිවසට පැමිණීමෙන් පසුව මව දැනුවත් කර තිබේ .
එහිදී මව හෝමාගම මූලස්ථාන පොලීසියට පැමිණ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කර තිබු අතර පහර කෑමට ලක් වූ බව පැවසෙන නව හැවිරිදි දැරිය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලදී.
එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිකුත් කළ වෛද්‍ය වාර්තාවට අනුව දැරිය පහරකෑමට ලක්ව ඇති බවට අනාවරණය වීමත් සමඟ පහර දුන් බව පැවසෙන සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ දැරියට නිවසේ දී කරගෙන කර ගෙන එන ලෙස පැවරූ අධ්‍යයන කටයුතු පැහර හැරීම මෙම දඩුවමට හේතුව බවයි.
අත්අඩංගුවට ගත් පනාගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර ගුරුවරිය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාරයාංශයේ ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂක අජන්තා මහත්මිය ගේ මෙහෙයවීමෙන් විමර්ශන ක්‍රියාත්මකය.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න