සිසුවියකට පහරදුන් ගුරුවරයා රෝහල් ගතවෙයි
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 13 වසරේ ජිව විද්‍යා අංශයෙන් අධයාපනය ලබන පාසල් සිසුවියකට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනිම සඳහා හෘද්‍යා බාධයක් බව පවසමින් දික්ඔය මුලික රෝහලට ඇතුලත් ව නේවාසිකව ප්‍රතිකාර ලබන බව පහර කැමට ලක් වු සිසුවියගේ දෙමව්පියන් චෝදනා කර සිටියි.
පාසලේ අධ්‍යාපනය කටයුතු වලට අමතරව පහර දුන්නේ යැයි කියන ගුරුවරයා හැටන් ප්‍රදේශයේ ජිව විද්‍යා බාහිර පන්තියක් පවත්වන බවත්, එම බාහිර පන්තියට එම සිසුවිය නොපැමිණිම සම්බන්ධයෙන් උරණ වු ගුරුවරයා ඉකුත් (21) දින තම දියණියට වේවැල් පහක් එකට එක් කර අමානුෂික ලෙස පහර දිම නිසා තුවාල ලැබු දියණිය දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඇය එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද එම සිසුවියගේ දෙමව්පියන් කියා සිටියි.
සමාන්‍ය පෙළ විභාගයේදි පහර කැමට ලක් වුවේ යැයි කියන සිසුවිය ඒ සමාර්ථ 9 ක් ලබාගෙන එම පාසලේ ජිව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන අතර, එම සිසුවිය අධ්‍යාපනය දක්ෂ සිසුවියක් බවයි එම පාසලේ ගුරුවරුන් කියා සිටින්නේ.
එම සිසුවියගේ දෙමව්පියන්ද ගුරුවරුන් වශයෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් වල සේවය කරන අතර , තම දියණියට එම ගුරුවරයා අමානුෂික ලෙස පහර දිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් කල බවත්, පහර දුන් ගුරුවරයා මිට ප්‍රථම අවස්තා කිහිපයකදිම සිසු සිසුවියන්ට පහර දිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගුරුවරයෙකු බවයි දෙමව්පියන් කියා සිටින්නේ.
එම ගුරුවරයා අත්අඩංගුවට නොගැනිම සම්බන්ධයෙන් හැටන් පොලිසියේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ සැකකාර ගුරුවරයාද තමන්ට හෘද්‍යා බාධයක් ඇති බව පවසමින් දික්ඔය මුලික රෝහල ඇතුලත් වි නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව එම ගුරුවරයාට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ගය ගන්නා බවද වැඩිදුරටත් පැවසිය.
popular news
-
කොළඹච්චිගේ ආරියදාස Sunday, 23 April 2023 01:06 PM
මෙහෙම කරන ගෑනියෙක් .....හැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ හිටියා උන්දැ තමුන්ට භාරවූ පංතියේ දොස්තරලාගෙ ඉංජිනේරුවන්ගෙ රජයේ ඉහළම නිළධාරින්ගේ දරුවො නැහැ කියලා මාසයක් වගේ කාලයක් වර්ජනයක් කලා පස්සෙ විදුහල්පති මාරු කරල ගෑනිට ඕන කෙනෙක් ගෙන්වලා ප්රශ්නය විසදාගත්තා මෙහෙම දේවල් වෙන නිසා රජය විසින් එවැනි ගුරුභවතුන්ට උපකාරක පංති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කලොත් ඔය ප්රශ්නය විසදීමට හැකියාව ලැබෙනවා
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

