සිසුවාට අමානුෂිකව පහරදුන් ගුරුවරිය අත්අඩංගුවට
කාත්තාන්කුඩි පොලිස් වසමේ පාසලක 5 වසර සිසුවෙකුට දැඩි ලෙස පහරදීමෙන් එම සිසුවා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් පහරදුන් ගුරුවරියක් අත්අඩංගුවට ගත් බවත් කාන්තන්කුඩි පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එස්.ඒ. රහීම් මහතා පවසයි.
එසේම එම සිසුවාට බරපතල ලෙස පහර දුන් විදුහල්පතිවරයාද අතුරුදහන් වී ඇති බවත් එස්. ඒ. රහීම් පවසයි
එම පහරකෑමට ලක්වූ සිසුවා සිසුවා කාත්තන්කුඩි මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගත් ගුරුවරිය මඩකලපුව මහේස්ත්රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අතුරුදහන් වූ විදුහල්පති සොයමින් සිටින බවත් ස්ථානාධිපතිවරයා පැවැසීය.
popular news
-
ආරි ඉද්දමල්ගොඩ Saturday, 13 August 2022 02:31 AM
දැන් ඉතින් ළමයාගේ අනාගතය සම්පූර්ණයෙන්ම ඉවරයි මේ ළමයා කිසිම පාසැලකට නොගනීවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

