පළමු අදියර යටතේ ළමුන් 200ට අඩු පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ අද (21) දිනයේ නැවත විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි.
පළමු අදියර යටතේ දිවයින පුරා ළමුන් 200ට අඩු පාසල් 3800ක් අද සිට විවෘත කිරීමට නියමිතයි.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අවස්ථා කිහිපයක දී පාසල් වසා දැමීමට සිදුවු අතර පසුගිය අප්‍රේල් මාසයෙන් පසු අධ්‍යයන කටයුතු සඳහා පාසල් විවෘත වන පළමු අවස්ථාව මෙය යි.