සිසුන් දෙන්නයි, ගුරුවරු දෙන්නයි, සංවර්ධන නිලධාරින් 4ක් ඉන්න අරුම පුදුම පාසල
මොනරාගල අධ්‍යාපන කලාපයේ බඩල්කුඹුර කොට්ඨාසයේ වෙහෙරබැඳිතැන්න කනිෂ්ඨ විද්‍යාලේ ඉගෙනුම ලබන පාසල් ළමුන් දෙදෙනාට ගුරුවරුන් දෙදෙනෙක් සහ සංවර්ධන නිලධාරීන් හතර දෙනෙකු සේවයේ නිරතව සිටී.
මෙම පාසල මීට වසර ගණනාවකට ඉහතදී ඉතාමත් ඉහල මට්ටමේ පැවැති අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් ඉගෙනුම ලැබූහ.
එක වසරේ සිට අට ශ්‍රේණිය දක්වා මෙහි පන්ති පැවැත්වේ.ප්‍රමාණවත් ගුරුවරුන් නොසිටීම නිසා දෙමව්පියන් විසින් තම දරුවන් වෙනත් පාසල් වලට යොමු කර තිබේ.
දැනට මෙම පාසලේ ළමයින් දෙදෙනකු පමණක් ඉගෙනුම ලබන අතර විදුහල්පති වරයා ඇතුළු තවත් ගුරුවරයෙකු සහ සංවර්ධන නිලධාරීන් හතර දෙනෙකු සේවයේ නිරතව සිටී.
ඔවුන්ගේ සේවය අත්සනට පමණක් සීමාවී ඇත.ළමයින් දෙදෙනෙකුට මෙලෙස ගුරුවරුන් දෙදෙනකු සහ සංවර්ධන නිලධාරීන් හතර දෙනෙකු සිටීම රජයේ මුදල් නාස්ති කිරීමක් බව ප්‍රදේශවාසීහු පවසති. මෙම දරුවන් දෙදෙනාත් නගරයේවෙනත් පාසලකට යොමුකර ගුරුවරුන් සහ අනෙකුත් සංවර්ධන නිලධාරීන් වෙනත් පාසලකට යොමු කරන්නේ නම් විශාල මුදලක් ඉතිරි වන බව ඔව්හු වැඩිදුරටත් පවසති.
මේ අතර බඩල්කුඹුර ඇත්පට්ටිය කනිෂ්ඨ විද්‍යාලයේ සිටින්නේ ළමයින් තිදෙනෙකු පමණි.එක් ගුරුවරයෙකු පමණක් එහි සේවය කරන අතර විදුහල්පතිවරයා ජනවාරි මාසයේ විශ්‍රාම ගොස් ඇත.අනධ්‍යයන සේවකයෙකුද සිටී.මෙම පාසල් පවත්වාගෙන යාමෙන් රජයේ මුදල නාස්තිවන අතර ගුරුවරයාත් ළමයින් තිදෙනාත් අනධ්‍යන සේවකයාත් වෙනත් පාසලකට යොමු කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටී.
මොණරාගල සුමනසිරි ගුණතිලක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

