හොරණ, ගෝනපොල ආදී ප්‍රදේශවල පාසල් සිසුන්ට සහ අමතර පංති සිසුන්ට ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි අලෙවිකල ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.
වෙළෙඳ සැල තුළ සඟවා තිබූ මදන මෝදක ගුලි 1350 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
ගෝනපොල හන්දියේ සිංහල බෙහෙත් බඩු වර්ග අලෙවි කරන වෙළෙඳ සලක රුපියල් 200 බැගින් මිලකට මදන මෝදක ගුලි විශේෂයෙන් පාසල් සිසුන්ට සහ අමතර පන්ති යන්න සිසුන්ට අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකරන බවට පානදුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතා ගේ යටතේ පවතින කොට්ඨාස බුද්ධි ඒකකයේ පොලිස් සැරයන් 9264 රෝහණ මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කාලයක සිට මෙම ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි අලෙවි කළ බවට අනාවරණය කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.