වරකාපොල පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක් රාජකාරී කටයුත්තක් වෙනුවෙන් සිවිල් ඇඳුමන් සැරසී යතුරු පැදියකින් ගමන් කරන විටදී ඔහුගේ යතුරු පැදිය හිතා මතාම හප්පා දැමූ ලංගම බස් රියදුරෙක් අත්අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය කියයි.
වරකාපොලදී අද පස්වරුවේ මෙම සිදුවීම සිදුව තිබේ. යතුරුපැදියට පසුපසින් පැමිණි බස් රථයක් මෙසේ අනතුර සිදුකර තිබුණ අතර පසුව ඔහු යතුරු පැදියේ ගමන් කළේ පොලිස් නිලධාරියෙකු බව නොදැන බැන වැදීමටත් පළා යාමටත් කටයුතු කර තිබේ.
පසුව බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පොලිස් නිලධාරියා මූලික ප්රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව වරකාපොල රෝහලෙන් පිටව ගොස් තිබේ.