තමාගේ සිවිල් අයිතිසිවාසිකම් අහෝසි කිරීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා කියයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පිහිටුවා ඇති දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිෂම හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
"ඇයි ඩොලර් නැතිවෙලා තියෙන්නේ. විශේෂයෙන්ම 2010න් පස්සේ සිදුකරන ලද ජාතික මංකොල්ලයක ප්‍රථිඵල ලෙසයි මේ දේ වුණේ. මහා සංවර්ධනයක් පිටුපස්සේ, අධිවේගී මාර්ග, විදුලි බලාගාර, ගුවන් තොටුපොළවල් ආදී සංවර්දනයකට මුවා වෙලා කරපු දැවැන්ත ඩොලර් මංකොල්ලයක ප්‍රථිඵල ලෙස තමයි අද ලංකාව බංකොලොත් වෙලා තියෙන්නේ.
දරුවන්ට කිරිපිටි නැත්තේ, රෝහලේ ඖෂධ නැත්තේ, සිමෙන්ති නැත්තේ, පොහොර ටික නැත්තේ ජනතාවට සහල් ටික ආහාර ටික ගෙනත් දෙන්න හැකියාවක් නැත්තේ, ලැයිට් කැපෙන්නේ, තෙල් නැතිවෙන්නේ, ගෑස් නැති වෙන්නේ මේ ජාතික ඩොලර් මංකොල්ලය නිසා.
මේවා පෙන්වාදීපු වරදට අපිව මෙහෙ උසාවිවල ගෙන එනවනම් අපිව අධිකරණ ඉදිරියට ගෙන්නා කටයුතු කරනවනම් මේ ගැනත් අපි ජනතාවට භාර කරනවා. "