සංචාරකයන් 596 දෙනෙකු රැගත් වන සිල්වර් ඩෝන් (Silver Dawn) අතිසුඛෝපභෝගී මගී නෞකාව ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.
දිගින් මීටර් 213ක් පමණ වන මෙම නෞකාව අතිසුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත තට්ටු 11කින් සමන්විත වේ.
තවද මෙම නෞකාව “The Curious and the Sea” නමින් දින 141ක ලෝක සංචාරයක නිරතව සිටින අතර, පසුගිය (07)වැනිදා ත්රිකුණාමල වරායට පැමිණීමෙන් අනතුරුව ඊයේ (09) උදෑසන සිට ගාල්ල වරායේ නැංගුරම්ලා තිබුණි.
නෞකාවෙන් පැමිණි සංචාරකයන් ඊයේ (09) ගාල්ල කොටුව, බලපිටිය මාඳු ගඟ, උණවටුන, රූමස්සල සහ කොග්ගල යන ප්රදේශවල සංචාරය කිරීමට එක් විය.
මෙම නෞකාව අද (10) කොළඹ වරායට ළඟා වීමට නියමිතය