සිරුරට ගිනි ඇවිලිමෙන් පුද්ගලයෙකු ආපන ශාලාවේ මුළුතැන්ගෙය තුළ අද (14දා) දින උදෑසන 8 ට පමණ ජිවිතක්ෂයට පත් වී ඇති බව ලිදුල පොලීසිය පැවසිය.
මෙසේ සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ලිදුල ලැමරියර් වතු යායේ පදිංචි මරුදෙයිවිරන් පෙරුමාල් නැමති 74 හැවිරිදි තිදරු පියෙකි.
මරණකරු ලිදුල නගරයේ ආපනශාලාවක කොකියෙකු වශයෙන් සේවය කල බවත්, අළුයම ආපන ශාලාව වෙත පැමිණි එම පුද්ගලයා ආහාර පිසමින් සිටින අවස්තාවේ සිරුරට ගිනි ඇවිලිමෙන් ආපනශාලාවේ උඩු මහලේ පිහිටි මුළුතැන්ගෙහි තුල මියගොස් ඇති බවට සැකකරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේ.
සිරුරට ගිනි ඇවිලෙන අවස්තාවේ ආපන ශාලාවේ කිසිවෙක් සිට නොමැති බවත්, ආපනශාලාවේ හිමිකරු වෙලදසැලට පැමිණ පරික්ෂා කරන අවස්තාවේ කොකියා සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බවට පොලිසිය වෙත දැනුම් දි ඇති බවයි මරණය පරික්ෂණය පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේ.
