යල කන්නයේ අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිදුන්ට පූජාකිරීමේ "සිරි දළදා යල් අස්වනු පූජාව" මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පසුගියදා (28දා) පැවැත්විය.
අස්ගරි පාර්ශවයේ අනු නායක වෙඩරුවේ උපාලි හිමිපාණන් ප්රමුඛ සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ද රාජ්‍ය නිලධාරීන් ඇතුලු බැතිමතුන් විශාල පිරිසකගේ ද සහභාගීත්වයෙන් පැවති මෙම පුණයෝත්සවය ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය ඇතුළු තවත් අංශ එක්ව සංවිධානය කර තිබුණි.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා පසුව අලුත් සහල් ධාන්‍ය සහ රන් කරල් රැගත් පෙරහැරෙන් පැමිණ දළදා සමිදුන් ඉදිරියේ දී සෙත් පිරිත් සඡ්ජායනය මැද අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමට මෙදින කටයුතු යොදා තිබු අතර, "සිරි දළදා යල් අස්වනු පූජාව" පැවැත්වූයේ 7 වෙනි වරටයි.
