'සිරිලිය සවිය' ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්රමිකතා චෝදනාවට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණය අද (7) නියෝග කළේය.
මේ අතර සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති, හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ප්රදීප් කාරියවසම් මහතා ද අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගත් අතර ඔහු ඇප මත මුදා හරිනු ලැබීය.