සිරිපුර මහා පරිමාණ පොහොර ජාවාරම්කරුගේ තවත් ලොරියක් වටලයි
තත්තවයෙන් බාල කරන ලද පොහොර තොගයක් සමග ලේලන්ඩ් වර්ගයේ විශාල ලොරි රථයක් පොළොන්නරුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ තොරතුරකට අනුව පොළොන්නරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර පොළොන්නරුව ගල් ලෑල්ල ප්‍රදේශයෙ ගරාජයක් තුළ සඟවා තිබූ මෙම ලොරි රථය අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය ප්‍රකාශකයකු පැවසිය.
මෙම ලොරිය තුළ සඟවා තිබූ කිලෝ 25යේ පොහොර මිටි එකසිය හතරක් සහ කිලෝ පනහේ පොහොරමිටි එකසිය හැත්ත පහක් සොයා ගත් බව පොළොන්නරුව පොලිසියේ එම නිලධාරියා සඳහන් කළේය.
මෙම ජාවාරම්කරු මේ වන විට පලා ගොස් ඇති අතර ඔහු සොයා පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ උපදෙස් මත පොළොන්නරුව කොට්ටාශ අපරාද විමර්ශන අංශය මගින්මෙහෙයුමක් ආරම්භ කර තිබේ. වැඩිදුර විමර්ශන පොළොන්නරුව පොලිසිය මගින් සිදු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
