මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් විසින් වගා කරන ලද සහ අස්වැන්න නෙළීමට සූදානම්ව තිබූ අක්කර තුනක කුඹුරු යායට මධ්‍යම රාත්‍රියේ ඇතුළු වූ වන අලි විසින් සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද බව මඩකලපුව බන්ධනාගාරයේ විවෘත බන්ධනාගාර භාර නිලධාරී දිලිප් ෆ්‍රැන්සිස් පැවසීය.
මෙය මඩකලපුව ගුවන්තොටුපළ පිටුපස තිරුපේරුදුරෙයි විවෘත බන්ධනාගාර ඉඩමේ වගා කර තිබුණි. අස්වැන්නට සුදානම්වී තිබු කුඹුරු යායට මධ්‍යම රාත්‍රියේ ඇතුල්වු වන අලින් විනශ කර පලාගිය බව භාර නිලධාරි වැඩිදුරත් පැවසීය.
ජවුෆර් ඛාන්
