දශක තුනකට අධික කාලයක් ශ්රී ලංකාවේ පැවැති කුරිරු යුද්ධය හේතුවෙන් මිය ගිය සියලුම ශ්රී ලාංකිකයක් සැමරීවේ වැඩසටහනක් පසුගියදා වව්නියාව නගර සභා ක්රීඩාංගණයේදී පැවැතියේය.
යුද්ධයෙන් මිය ගිය ඥාතීන් සැමරීමේ කමිටුව හා වන්නි ජන පවුර එක්ව මෙම මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
සර්ව ආගමික නායකයන් විසින් මෙහි ආගමික වතාවත් සිදුකළ අතර 1200කට අධික ජනතාවක් තම ඥාතීන් සිහිකර පහන් වැටි දැල්වීමක්ද සිදු කළේය.
මෙහිදී ඒ ඒ ආගම් අනුව තම ඥාතීන් වෙනුවෙන් නිවන්සුව, ආත්ම ශාන්තිය හා මොක්සුව ප්රාර්ථනා කරන ලදී.


