වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන සියළු දන්සැල් අදාළ ප්‍රදේශයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
සුරක්ෂිත, පිරිසිදු, ගුණාත්මක ආහාර වේලක් මෙරට මහජනතාවට ලබා දීම මූලික අරමුණ කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවත් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී මේ සදහා අවශ්‍යවන සෞඛ්‍ය උපදෙස් ලබා ගෙන අදාළ ලියාපදිංචිය සිදු කරගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.