නිෂ්පාදන ආර්ථිකයක් එක් දිනකින් ගොඩ නැංවිය නොහැකි බවත් ඒ සඳහා සමස්ත ජාතිය ම කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවත් පැවසූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන අමාත්‍යාංශය සතු අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍ර 19 තුළ ම ඉඩකඩ පවතින පරිදි එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකි වගාවන් සිදු කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව සඳහන් කළේ ය.
අධික සීතල දේශගුණයක් පවතින රටවල හිම පතනය නොවන මාස හයක කාලය තුළ තට්ටු නිවාස සංකීර්ණවල කොරිඩෝවල පවා බඳුන්ගත වගාවෙහි නිරත වෙමින් ජනතාව නිෂ්පාදන ආර්ථික වර්ධනයට උර දෙන බවත් මෙහි දී පැවසූ අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර යටතේ මෙරට මූලික අවශ්‍යතා ඉටු කරගන්නා පසුබිමක මෙරට රාජ්‍ය හා වෙනත් ආයතන ඇතුළු සමස්ත ජනතාව ම දේශගුණ විපර්යාස වැනි ඉදිරි ආපදා තත්වයන් ජයගැනීම සඳහා විධිමත් පෙරසූදානමකින් සිටිය යුතු බවත් අවධාරණය කළේ ය.
මීට වසර එකහමාරකට පෙර ඉන්ධන හා ගෑස් වැනි අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමට පෝලිම්වල කාලය ගත කළ යුගය යළි සිහිපත් කරගත යුතු ව ඇතැයි ද හෙතෙම පැවසී ය.
මාධ්‍ය ඒකකය