සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (28) පැවැති සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
එසේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා වස විසෙන් තෝර දේශීය භෝග වගා කිරීම හා පරිභෝජනයට කාන්තා ප්‍රජාව වැඩි වශයෙන් උනන්දු කිරීම සම්බන්ධයෙන් කටයුතු සිදු කරන ලෙස අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ජාතික සිල්මාතා සංගමයේ ප්‍රධාන සභාපති ගරු පොළොන්නරුවේ ධම්මානන්දා මෑණියන් වහන්සේ ප්රමුඛ සිල්මාතාවරුන්ගෙන් එහිදී ඉල්ලීමක් ද සිදු කළේ ය.
එළැඹෙන වෙසක් සතිය තුළ සිදු කිරීමට නියමිත වැඩසටහන් අතුරින් හැකි පමණින් සරළව හා චාම් ලෙස මේ වැනි වැඩසටහන් ද සිදු කරන මෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල සිල්මෑණිවරුන්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, කොමසාරිස් (සංවර්ධන හා ප්‍රගති පාලන) නිරංජ එස්.ජයකොඩි යන මහත්වරු සහ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

