සියලුම චක්‍රලේඛ අවලංගුයි - රාජ්‍ය සේවකයන් සඳුදා සිට සාමාන්‍ය පරිදි වැඩ
ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදුකර තිබේ. රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති බැවින්, රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.
එම නිසා කොවිඩ් සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වන දින (සඳුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී තිබේ.
කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.
popular news
-
Deepal Nirosh Friday, 30 July 2021 07:47 PM
එතකොට මේ තීරණයත් විශේෂඥ උපදෙස් අනුව ද? රජයේ සේවකයන්ට සාමාන්‍ය පරිදි රාජකාරි වාර්තා කරන්න සඳුදා සිට අන්තර් පළාත් ගමනාගමන සීමා ඉවත් කර පොදු ප්‍රවාහන සේවා සාමාන්‍යකරණය කරනව ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

