ඩීසල් සහ පෙට්‍රල් ඇතුළු සියලුම ඉන්ධන මිල ඉහළ දැමූ බවත් එම නව මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙනිවේදනය කළේය.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 407 කි.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 478 කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 434කි.
, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 495කි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 285කි.