සියයට 57ක් ලංකාවෙන් යන්න කැමැත්තෙන්
අවස්ථාවක් ලැබුණ හොත් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 56.8ක් ශ්‍රී ලංකාවෙන් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්තෙන් සිටින බව සමීක්ෂණයකදී හෙළිව තිබේ.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කළ නවතම සමීක්ෂණයකදී මේ බව හෙළිව තිබේ. ජනතාවගෙන් සියයට 41.5ක් ලංකාවෙන් පිටත්වීමට කැමැත්තක් ප්‍රකාශ කර නොමැත.
වඩාත් වැදගත්ම කරුණ වන්නේ අවුරුදු 18-29 අතර පසුවන අයගෙන් සියයට 77.2ක්ම ශ්‍රී ලංකාවෙන් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. එයට අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ සියයට 22ක ප්රතිශතයකි.
අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 45.4ක් පමණක් රටින් පිටවීමට කැමැත්ත දක්වා ඇති අතර සියයට 52.5ක් රටින් පිටත්ව නොයන බව දන්වා තිබේ.

popular news
-
Deepal Nirosh Friday, 02 December 2022 06:42 AM
මේ සමීක්ෂණය ගැටළු සහගතයි. මීට භාවිතා කළ පුරවැසි සාම්පලය කුමක්ද? ඒ අයගෙන් රටේ සෑම ජන කොට්ඨාශයකම හා තරාතිරමක ජනතාව සමානුපාතව නියෝජනය වුණා ද? අනෙක තමා යාමට අපේක්ෂිත රට කුමක්ද කියා සමීක්ෂණයට භාජනය වූවා ද? අපේ තරුණ දරු පරම්පරාව නම් දිගු කාලයක සිට මේ රට හැර යාමට අපේක්ෂාවෙන් සිටින අයයි. එය රට වර්තමාන අසහන තත්ත්වයට පැමිණිමට බොහෝ පෙර සිටම පැවත් තත්ත්වයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
