පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා නියෝජ්‍ය කථානායකධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රන්ජිත් සියඹලාපිටිය මහතා වෙත දන්වා තිබේ.
ඒ අනුව රන්ජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට ගත් තීරණයත් සමග රන්ජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායකධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව දන්වමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටියේය.