සියඹලාන්ඩුව බිම්ගත සූර්ය පැනල විදුලි ව්‍යාපෘතියේ විදුලි මිලදී ගැනිමේ ගිවිසුමට අත්සන් තබයි
මෙගා වොට් 100ක ධාරිතාවයකින් යුත් සියඹළාන්ඩුව බිම්ගත සූර්ය පැනළ මගින් විදුලිය උත්පාදනය කිරීමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය වෙනුවෙන් වූ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම රිවිදනවි පෞද්ගලික සමාගම සහ විදුලිබල මණ්ඩලය අතර අද සිදු කරනු ලැබුණි.
මෙම ව්‍යපෘතිය සඳහා ලංසු කැඳවීම විදුලිබල මණ්ඩලය විසින් 2022 වර්ෂයේ සැප්තැම්බර් මස සිදු කරන ලැබූ අතර 2023 වර්ෂයේ තාක්ෂණික සහ මුල්‍ය කටයුතු අධ්‍යනය කර 2023 වර්ෂයේ අවසන අඩුම ලංසුව ඉදිරිපත් කරන ලද සමාගමට ප්‍රධානය කරනු ලැබුණි. එම සමාගම මගින්ම එහි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් කිලෝ මීටර් 27.5ක් සංවර්ධනය කෙරේ.
රිවිදනවී සමාගම කොටස්කරුවන් වන ලක්දනවි සමාගම, වින්ඩ් ෆොස් සමාගම සහ සිංගප්පුරුවේ බ්ලු සිර්කල් පෞද්ගලික සමාගම ඒකාබද්ධව සැදුම්ලත් සමාගමක් වේ. මෙම ව්‍යාපෘතියේ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 132ක් පමණ වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
