සිනෝවැක් එන්නතෙන් සියයට 83ක ආරක්ෂාවක්
චීන ඖෂධ නිෂ්පාදක සමාගමක් වන සීනෝවාක් විසින් නිපදවන ලද කොරෝනාවැක් එන්නත මාත්‍රා දෙකක් මගින් කොවිඩ් වසංගතයට එරෙහිව සියයට 83.5 ක ආරක්ෂාවක් ලබා දෙන බව ඉහළ වෛද්‍ය සඟරාවක් වන ද ලැන්සෙට් හි ප්‍රකාශයට පත් කරන ලදී.
වයස අවුරුදු 18-59 අතර සහභාගීවන්නන් 10,000 කට වැඩි සංඛ්‍යාවක් යොදාගෙන කරනු ලැබූ තුන්වැනි අදියරේ අත්හදා බැලීමකින් අනතුරුව මෙම දත්ත ප්‍රකාශයට පත්කර තිබේ.
2020 සැප්තැම්බර් සිට 2021 ජනවාරි දක්වා තුර්කියේදී මෙම පරීක්ෂණ සිදුකර තිබේ. සහභාගිවූවන්ට දින 14 ක කාල පරාසයක් තුළ කොරෝනාවැක් මාත්‍රා දෙකක් ලබා දෙන ලදී.
මෙහිදී එන්නත ආරක්ෂාකාරි බවත් ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කරන බවත් නිගමනය කර තිබේ.
සෙල්සියස් අංශක 2-8 අතර ගබඩා කර ප්‍රවාහනය කළ හැකි මෙම එන්නත රටවල් 20 කට වැඩි ගණනක හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති අතර 2020 මැද භාගයේ සිට බ්‍රසීලය, ඉන්දුනීසියාව, චිලී සහ තුර්කිය යන රටවල තුන්වන අදියර අත්හදා බැලීම්වල යෙදී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජුනි 1 වන දින හදිසි භාවිතය සඳහා එය අනුමත කරන ලද අතර එයින් අදහස් වන්නේ එය ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බවයි.
popular news
-
rocky Friday, 30 July 2021 06:33 AM
100% kma saarthakayi kiyalaa wunath kohe hari prakaashanayaka sandahan wenna puluwani. Eth eka aththada? Danne kawuda? Mewaa hudu welanda prachaara wiya nohakida?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

