සිනොපෙක් පළමු ඉන්ධන තොගය ගොඩ බායි - දෙවැනි තොගය හෙට එයි
මෙරට ඉන්ධන වෙළඳපොළට අලුතෙන්ම ඇතුළත්වීමට නියමිත චීනයේ සිනොපෙක් සමාගමේ පළමු ඉන්ධන තොගය මේ වන විට ගොඩ බෑම ආරම්භ කර ඇති බවත් එහි දෙවැනි ඉන්ධන තොගය හෙට දිනයේදී පැමිණිමට නියමිත බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් දැනුම්දී තිබේ.
ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවද අමාත්‍යවරයා දැනුම් දී ඇත.
ශ්‍රි ලංකාවේ ඉන්ධන වෙළඳ පොළට අලුතෙන් ඇතුළත් වෙන සමාගම් සිය ප්‍රධාන සමාගම යටතේ මාස 12ක මූල්‍ය පහසුකම් යටතේ මෙරටට ඉන්ධන ගෙන එන බවත් ඒ හරහා ශ්‍රී ලංකාවේ විදේශ විනිමය කෙරෙහි ඇතිවන පීඩනය අවම වන බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
popular news
-
Dayan Wednesday, 02 August 2023 12:21 AM
This is the truth of increasing petrol prices. Cinopec and local guys will be better off. Truth will emerge any day.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

