රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිත ඇමෙරිකානු නිත්‍ය නියෝජිත සින්ඩි මැකේන් මහත්මිය සිව් දින නිල සංචාරයක් සදහා අද සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
ඇය සමග තවත් එක් උසස් නිලධාරීවරයෙකු දූත පිරිස ලෙස පැමිණ සිටියේය. ඔවුන් 09/25 දින සවස 04.30 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
මෙම විදේශ දූත පිරිස එළඹෙන 09/28 දින තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් සංචාරය කිරීමට නියමිතය. මෙම සිදුවීම සදහා මාධ්‍ය ආවරණය කටයුතු කිරීමට අවසරය හිමි වී නොතිබුණි .