සිතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ සැකකරුට රු. 403,509.22ක දඩයක්
කදපොළ බෝමුරුඇල්ල ප්රදේශයේ සීතාඑළිය සංරක්ෂිත රක්ෂිතයට ඇතුලු වී එම රක්ෂිතයේ ගිනි තැබූ සැකකරු නුවරඑලිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් (05) දින නුවරඑලිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල පසු සැකකරු වරද පිලිගත් නිසා චූදිතට රක්ෂිතයට ඇතුලු වීම සහ රක්ෂිතයට ගිනි තැබීම වෙනුවෙන් රු.40000ක දඩ මුදලක්ද, එම රක්ෂිතයේ ගිනි තැබීම තුලින් හෙක්ටයාර එකකට සිදු වු අලාභය වෙනුවෙන් රු.403,509.22ක මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය නියෝග කළහ.
මෙසේ දඩ මුදල් ගෙවන ලෙස නියෝග කරන ලද්දේ නුවරඑලිය එදිරිසිංහ මාවතේ පදිංචි මොහොම්මඩ් ෆාරුක් මොහොම්මඩ් නැමති 48 හැවිරිදි සැකකරුටය.
සැකකරු ජූලි 21 දින එම රක්ෂිතයට ඇතුලු වී විනෝදයට රක්ෂිතයට ගිනි තබා ඇති අතර, පසුව නුවරඑලිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් දැඩි පරිශ්රමයක් දරා පැතිර ගිය ගින්න පාලනය කර රක්ෂිතයට ගිනි තැබූ සැකකරු අල්ලා බැදුම්කරයක් මත මුදා හැර (05) දින සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
