දඹගල්ල පොලිස් වසමේ මාරිඅරාව පල්ලේවෙලබැද්ද පදිංචි දාහත් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු ඊයේ (14දා) සියදිවිහානි කරගෙන ඇතැයි. දඹගල්ල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාරිඅරාව පාසලක දොළොස් වන වසරේ ඉගෙනුම ලබන කේ.ජී අකිල දිල්ශාන් නැමති සිසුවෙකි.මියගිය තරුණයාගේ මළසිරුර නිවස අසල තිබියදී නිවැසියන්ට හමුවී තිබේ.
ප්‍රේම සම්බන්ධතාවයක් කඩවීමෙන් සිත්තැවුලට පත්ව මෙම ශිෂ්‍යයා සියදිවි හානිකරගෙන ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
මියගිය සිසුවාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
දඹගල්ල පොලිසිය ස්ථානාධිපති එච්.ජී.එස් ජයවීර මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක