සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් මෙරට දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර සංකේතාත්මකව බෙදාදීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.
සිංගප්පූරුවේ සිටින පරිත්‍යාගශීලීන්ගේ අධාර උපකාර මත ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාගේ සහ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට බාරදීම ද සිදු විය.
ඒ අනුව ඉදිරි දින කිහිපයේ තෝරාගත් පිරිවෙන් සඳහා අධ්‍යාපන උපකරණ බෙදා හැරීමට නියමිතය.
සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරාධිපති කරදෙටියාන ගුණරතන හිමි, මහමෙව්නාවේ මංගල හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
