සිංගප්පුරුවේ “TEAMSEK” පදනමෙන් මිලියන 80ක වෙන්ටිලේටර් 50ක පරිත්‍යාගයක්
මෙරට කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිටම වෛරසය පාලනය හා මැඩපැවැත්ම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම දෙස් විදෙස් ආයතන රැසක් මූල්‍ය හා ද්‍රව්‍ය ආධාර ලබාදෙන ලදි.
ඒ අනුව මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවා තව තවත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව අද දින (05) සිංගප්පුරුවේ “TEAMSEK” නැමැති පදනම විසින් රුපියල් මිලියන 80 ක් වටිනා වෙන්ටිලේටර් (Non-Invasive Ventilators) 50ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි.
ප්රදානය කරන ලද වෙන්ටිලේටර් ඔස්ට්‍රේලියාවේ M/S ResMed ආයතනය විසින් නිෂ්පාදනය කොට ඇත.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම ප්රදානය ලබාදෙන ලද්දේ මෙරට Meditechnology Holdings පෞද්ගලික ආයතනයේ අධ්යක්ෂ කපිල ගීගනගේ මහතා විසිනි.
මෙම පරිත්‍යාගය ලබාගනිමින් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී කියා සිටියේ කොවිඩ් වෛරසය ආසාදිතව ස්වසන අපහසුතාවයන්ට ලක්වන රෝගින් වෙත කෘත්‍රීම ස්වසනය ලබාදීම සදහා වෙන්ටිලේටර් යන්ත්‍ර අත්‍යාවශ්‍ය වන බවත්, එම යන්ත්‍ර ලබාදීමට කටයුතු කිරීමට පිළිබද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරන බවයි.
මෙම පරිත්‍යාගය ඉතා අගය කොට සලකන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී පවසන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

