මේ දිනවල සිදුවන සෑම මරණයක්ම එන්නතකට හෝ නිර්වින්දන ඖෂධයකට සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, නිදහස් සෞඛ්‍ය සේවාවක් භුක්තිවිදින පිරිසක් ලෙස සත්‍ය තහවුරු කර ගැනීමකින් තොරව එය නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඉල්ලා සිටී.
නිදහස් සෞඛ්‍ය සේවාව වසර ගණනාවක් රට තුළ භුක්තිවිදින බවත්, නිදහස් අධ්‍යාපනයෙන් පැමිණි පුද්ගලයින් ලෙස මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගත යුතු බවත් ඒ මහතා කීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (20) පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ පිරිස් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත්, සත්‍ය සැගවීමට කිසිදු වුවමනාවක් නොමැති බවත්, සත්‍ය තොරතුරු නිවැරදිව ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.