සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක්
සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමග ඊයේ (10දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවල දී ජනාධිපති මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු කණ්ඩායම, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්රගතිශීලි සන්ධානය සාකච්ඡා සඳහා එක්ව සිටියහ.
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් අතුරු කමිටු කිහිපයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බව සඳහන් කළේය.
ජාතික සභාව ඇති කිරීම ප්‍රධාන ඉලක්කය බව පෙන්වා දුන් ඒ මහතා සියලු පක්ෂවල නියෝජනය සහ සන්ධාන තුළ ඇති අනෙකුත් පක්ෂ සහ කණ්ඩායම්වල සම්පූර්ණ නියෝජනයක් ඒ සඳහා අවශ්‍ය බව පැවසීය.
කමිටු සභාපතිවරුන් වෙත කැබිනට් අමාත්‍යවරුන් හාසමාන බලයක් සහ නියෝජනයක් ලබාදීමටත්, අවශ්‍ය අවස්ථාවල ඔවුන් කැබිනට් සාකච්ඡා සඳහා සහභාගීකර ගැනීමේ වැදගත්කමත් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය.
කමිටු ක්‍රමය නියෝජනය කරනවාද, ඒසේ නැති නම් ආණ්ඩුවට එක්වනවාද යන්න ඒ ඒ පක්ෂ සාකච්ඡා කොට තමන් වෙත දැනුම් දෙන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු ද සාකච්ඡා සඳහා එක්ව සිටියහ.
popular news
-
sg Friday, 12 August 2022 05:07 AM
Before bringing that 22nd amendment, establish a party cabinet without delay otherwise everything will go to hell. Neet to change existing cabinet definitely including primer position. Get consent from all parties for the 22nd amendment.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

