සෑම ඩීසල් ලීටරයකටම රජය රු. 100ක වැයක් දරනවා
සෑම ඩීසල් ලීටරයක් වෙනුවෙන්ම රජය රු. 100ක වැය බරක් දරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. නුවරඒළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ රැස්වීමට ඒක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය. ඒසේම විදුලි බිල වැඩිවීම දැරීමට සිදුවන්නේ සියයට 5ක පමණ පිරිසකට බවත් ජනපතිවරයා කීය.
"මේ වෙලාවේදී මැද පෙරදිග යුද්ධය නිසා අපිට ආර්ථික අභියෝග කිහිපයක් ඇවිත් තිබෙනවා. පෙබරවාරි මාසයේදී ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 98යි, මාර්තු මාසයේදී අපිට ඩොලර් මිලියන 216ක් වැය වෙලා තියෙනවා. අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 368ක් වැය වෙලා තියෙනවා.
මැයි මාසයේදී ගණනය කර තිබෙනවා ඩොලර් මිලියන 522ක් වැය වෙනවා. පෙබරවාරි සමග සන්සන්දනය කරන විට හය ගුණයකින් පමණ තෙල් ආනයන වියදම වැඩිවෙලා තිබෙනවා. පෙට්‍රෝලියම් ඒකෙන් කියලා තිබුණා ආසන්න වශයෙන් ඩීසල් ලීටරයක මිල රු. 720ක් වෙනවා කියලා. ඩීසල් ලීටරයක් ලබා දෙන්නේ 392ට. ඒ් මිලට දෙන්න ආණ්ඩුව හැම ඩීසල් ලීටරයකින්ම. රු 100ක වැය බරක් දරනවා.
තෙල් සංස්ථාවට ලැබෙන්නේ 492ට. ඒතනත් ඔවුන්ට පාඩු විදින්න වෙලා තියෙනවා. තෙල්වලින් නිපදවන විදුලිය ඉහළ ගිහින් තිබෙනවා. ඒහිදීත් අපි බරක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කළා. විදුලි බිල වැඩි වීම
දරන්න වෙන්නේ සියයට 5කට ආසන්න පිරිසකට."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
