තම කොණ්ඩය කපා ගැනිමට සැලුනයට පැමිණි උකුවෙල ප්රාදේශිය සභා මන්ත්රිවරයෙකු බාබර්ගේ රුපියල් හතලිස්දහසක් පමණ වටිනා ජංගම දුරකතනය රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.
මන්ත්රිවරයා කොණ්ඩය කපා ගැනිමට බව පවසමින් සැලුනය වෙත පැමිණ ඇති අතර නිවසට දුරකතන ඇමතුමක් ලබා ගන්නා මුවාවෙන් කරණවැමිියාගේ ජංගම දුරකතන රැගෙන පලාගොස් ඇති බව පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙසේ ජංගම දුරකතනය රැගෙන පලාගොස් ඇති අතර මේ වනතකේ ඔහු නුදුටු බවද කරණවැමියා කියයි.
මාතලේ මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
මාතලේ මහේෂ් කිර්තිරත්න