සැරයන් සුනිල් රත්නායකට නිදහස ලබා දීම දෙමළ ජාතික සන්ධානයේ විරෝධය
යුදහමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපතිතුමන් විසින් නිදහස ලබා දීම දැඩි කනගාටුවට කරුණක් බවට දෙමළ ජාතික සන්ධානයේ ඉලංගගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.
මාවෙයි සේනාධිරාජා මේ බව යාපනයේදී මාධ්‍යවේදින් පිරිසක් හමුවේ ප්‍රකාශ කොට ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,
‘සුනිල් රත්නායක යුද හමුදා සෙබලා වැරදිකරු වශයෙන් අධිකරණයෙන් නියම වී ඇති අවස්ථාවක ඔහුට ජනාධිපති සමාව දීම දැඩි භයානක තත්ත්වයක් බවටය. එමෙන්ම කොරෝනා අවදානම අතරතුර එය හේතුවක් කොට ගෙන එම යුද හමුදා සෙබලා නිදහස් කරේනම් එයද පිළිගත නොහැකි බවටත් ජාත්‍යන්තරයම මේ දෙස අවධානය යොමු කල යුතු බවටද පැවසීය.
ජාත්‍යන්තරයේ විරෝධතාවක පවතින අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙලෙසින් අධිකරණය අත්තනෝමතිකව භාවිතා කිරීම භයානක තත්ත්වයක් බවත් ඊට එහා යුද සමයේදී සුලු වැරදි වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් තවමත් සිරගතව සිටීම දැඩි අසාධාරණයක් බවටද මාවෙයි සේනාධිරාජා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Chandima Tuesday, 31 March 2020 06:07 PM
කොටියන් සතුටු කිරීමට හිරේ දැමු සියලු දෙනාම නිදහස් කරන්න ඕන. කොටියන්ට නටන්න දීපු කාලය අවසන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

