සැමියා විසින් ගිනි තැබූ කොස්තාපල්වරිය මරුට
සැමියා විසින් නිළ ඇදුමට පෙට්රල් හලා සිරුරට ගිනි තැබිම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටි කාන්තා පොලිස් කොස්තාපල් වරියක් ඊයේ (09දා) මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ගෝනපිනුවල පොලිසියට අනුයුක්තව සේවය කරන වඩුදූව,මාජුවානා ප්රදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි තැනැත්තියකි.
සිද්ධිය සමිබන්ධයෙන් සැකපිට පොලිස් කොස්තාපල්වරියගේ සැමියා ගෝනපිනුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කිසියමි සිද්ධියක් සමිබන්ධයෙන් ඉකුත් 05 දා මෙම පොලිස් කොස්තාපල්වරිය හා ඇගේ සැමියා සමග ආරවුලක් ඇති වි ඇති අතර, එහිදි සැකකරු විසින් මෙම පොලිස් කොස්තාපල්වරිය ඇඳ සිටි නිළ ඇදුමට පෙට්රල් හලා ගිනි තැබිමට උත්සහගෙන තිබේ.
එහිදි මෙම පොලිස් කොස්තාපල්වරිය ඇගේ සැමියා අත තිබු පෙට්රල් බෝතලය උදුරා ගැනිමට තැත් කිරිමෙිදි, එම බෝතලයේ තිබු පෙට්රල් මෙම පොලිස් කොස්තාපල්වරියගේ ඇගේ හැලි ඇතිබව පොලිසිය පවසයි.
පසුව මෙම සැකකරු ඔහු අත තිබු ගිනි පෙටිටියෙන් ගිනිකුරක් දල්වා ඇගේ ඇගට විසිකර ඇති අතර එහිදි මෙම පොලිස් කොස්තාපල්වරියගේ නිළ ඇදුමට ගිනි ඇවිලි තිබේ.
මෙම සිදුවිමෙන් බරපතල තුවාල ලබා බලපිටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.
සිද්ධියෙන් සැකකරු ද සුලු තුවාල ලබා බලපිටිය රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින බව ගෝනපිනුවල පොලිසිය පවසයි.
මෙි පිලිබද වැඩිදුර විමර්ශණ කටයුතු ගෝනපිනුවල පොලිසිය සිදුකරනු ලබයි.
නයනජිව බන්ඩාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

