සැමන් ටින් වල දිනයන් සහ මිල වෙනස් කළ කර්මාන්ත ශාලාවක් වටලයි
දිනයන් සහ මිල ගනන් වෙනස් කර වෙළඳ පොලට නිකුත් කිරීමට සූදනම්කර මින් සිටි රුපියල් කෝටියකට ආසන්න වටිනා කමකින් යුත් බව පැවසෙන ටින්මාඵ තොගයක් පන්නල මූකලාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් පරික්ෂා කිරීමෙන් අනතුරුව ඊයේ (20දා) සවස අත් අඩංගුවට ගත්බව බව කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය පවසයි.
ඉස්සෝ සහ දැල්ලෝ වැනි මත්ස්‍ය වර්ග අපනයනය කරන කර්මාන්තශාලාවක මෙලෙස ඉතා සූක්ෂම අයුරින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බව වැටලීමට සහභාගිවූ කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරිකාරි කාර්යාලයේ ජේ්‍යෂ්ඨ විමර්ශන නිළධාරී අසංක නන් එදිරි මහතා පැවසීය.
මෙහිදී නවීන යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් මෙම ටින් මාඵ දවටන වල මිල ගනන් සහ කල් ඉකුත් වීමට ආසන්න සැමන් ටින් තොගවල නිෂ්පාදන වර්ෂයන්ද වෙනස් කර ඇති බවද පැවසේ.
අත්අඩංගුවට ගත් දාහත් දහසකට ආසන්න සැමන් ටිං තොගය ඇතුඵ නඩු භාණ්ඩ රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් අනතුරුව ඉදිරි දිනකදී කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරිකාරි කාර්යාලයේ ජේ්‍යෂ්ඨ විමර්ශන නිළධාරී අසංක නන් එදිරි මහතා ඇතුඵ එහි නිළධාරීන් කණ්ඩායමක් මෙම වැටලීමට එක්වූහ.
පන්නල-හේමා රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

