වෙළෙඳපොළේ ලොකු සැමන් ටින් එකක මිල රුපියල් 600 ද ඉක්මවා ඉහළ යාමෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
ලොකු සැමන් ටින් එකක මිල මේ දක්වා පැවැතියේ රුපියල් 400ත් 500 ත් අතර මිලකටය.
මීට අමතරව බිත්තර, මස්, මාළු කරවල මිල ගණන්ද දරාගත නොහැකි අන්දමට වැඩි වීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාරිභෝගිකයෝ පවසති.බොහෝ වෙළෙඳසල්වල බිත්තරයක මිල රුපියල් 45 ත් 50ත් අතර සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් තිබෙනු දැකගත හැකි විණි.
කුකුළු මස් කිලෝ එකක මිලද රුපියල් 1250 ඉක්මවා ඇති අතර සෑම වර්ගයකම කරවල මිලද දෙගුණයකින් පමණ වැඩිවී තිබේ.