තිහගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රදවා සීටි සැකකරුවකුට දුම්වැටියක් දීම හා එම සැකකරුගෙන් දුම්වැටියක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ සැරයන්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කල බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඒ පිළිබඳව මාතර ජේෂ්ඨ පොලීස් අධිකාරී ජයමීණි වසන්ත කුමාර මහතාට ලද තොරතුරකට අනුව මාතර සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර මහතා විසින් අදාල පොලිස් ස්ථානයේ සිර මැදිරිය අසල සී.සී.ටී.වී කැමරා දර්ශන පරික්ෂා කර බලා මෙම වැඩ තහනම් කිරීම සිදු කර තිබේ.
පුද්ගලයෙකුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට සැකකරුවකු අත්අඩංගුවට ගෙන සිර මැදිරිය තුල රදවා තබා ගෙන සීට ඇති අතර ඔහු බැලීමට පැමිණි අයෙකු රාත්‍රී උප සේවා රාජකාරියේ නිරතව සිටි සැරයන්වරයාට දුම්වැටි දෙකක් සැකකරුට දීම සදහා ලබා දී තිබෙන බව කියති.
ඒ අනුව අදාල සැරයන්වරයා එම දුම්වැටි දෙක සිර මැදිරියේ සිටි සැකකරුට ලබා දී ඇති අතර ඉන් එකක් සැකකරු නැවත සැරයන්වරයාට ලබා දෙන අයුරු සී.සී.ටී.වී දර්ශන වල පටිගත වී තිබෙන බව දැන ගන්නට ඇත.
එම අවස්ථාවේ කාර්ය භාර රාජකාරියේ යෙදී සිටි නිලධාරියා නිසි පරිදි රාජකාරී ඉටු කිරිමේ චෝදනාව යටතේ වැඩ තහනමට ලක් කර තිබේ.
අපකීර්තිදායක හැසිරීම,අණට කීකරු නොවීම,දූෂිත ක්‍රියා යන චෝදනා ඊට අමතරව ඔවුන්ට එල්ල වී ඇත.
එසේ වැඩ තහනමට ලක්වු සැරයන්වරුන් දෙදෙනාම අවුරුදු 58 හා 59 වයසේ පසුවන අයවළුන් වන අතර අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම යාමට එක් අයෙකුට තවත් මාස කිහීපයක් ද අනෙක් සැරයන්වරයාට වසර එක හමාරකටත් අඩු කාලයක් ඉතිරීව තිබුණි.
දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයමිණි වසන්ත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ මාතර සහකාර පොලිස් අධිකාරී 1 චන්දන විජේසේකර මහතා මො පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.