කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ කිලාලි ප්‍රදේශයේදී සිදුවූ කිසියම් පිපිරීමක් හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි සිසුවියක් තුවාල ලබා රෝහලගත කොට ඇතැයි පොලීසිය පවසයි.
අදාල පිපිරීම සහ සිසුවියට සිදුවූ තුවාල සැසඳීමේදී බිම්බෝම්බයක් තරම් බලවත් පිපිරීමක් නොවන බවටත් ඊට වඩා අඩු වෙනත් හඳුනානොගත් පිපිරීමක් බවට සැකපලකරන්නේ යැයිද පලෙයි පොලීසිය සඳහන් කොට සිටියි.
සිය මව සමග ගෙවත්තේ සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු කරමින් සිටි අදාල සිසුවිය ගෙවත්තේ පිහිටි තල් ගසක් ආසන්නයේ පිරිසිදු කරමින් සිටයදී මෙලෙස පොළව යට තිබූ යමක් පුපුරා යාමෙන් සිසුවිය තුවාල ලබා ඇතැයි පොලීසිය සැක පලකරයි.
තුවාල ලැබූ සිසුවිය පලෙයි රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති බවටත් අදාල පිපිරීම සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන ඇතැයිද පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
පිපිරීම හේතුවෙන් තුවාල ලැබූ සිසුවියට මෙවර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීම අවිනිශ්චිත තත්වයක් පවතින බවටද යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් වැඩිදුරටත් පැවසූහ.