පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මියගිය පිරිස පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින්ද සිටින බව තහවුරු වී තිබේ.
මියගිය පිරිසගෙන් ලබාගත් ඩී.එන්.ඒ. සාම්පල සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවදී මේ බව තහවුරු වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින්ගේ මවගෙන් ලබාගත් ඩී.එන්.ඒ. සමඟ අපරාධ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස් කීපයක ඩී.එන්.ඒ. සාම්පල සියයට 99.9999න් ගැලපෙන බවට රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන බවද පොලිස් මූලස්ථානය පවසයි.
එම වාර්තාව අනුව 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය බව තහවුරු වී ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදඟන් වේ.
පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් එම සිද්ධියේදී මිය නොගිය බවත් ඇය ඉන්දියාවට පැනගිය බවටත් මතයක් පැවතීම නිසා ඔවුන්ගේ මළසිරුරු භූමදානය කළ ස්ථානයෙන් අවස්ථා කීපයකදී එම සිරුරු ගොඩගැනීමට ද කටයුතු කළේය.