දරුවන් හා ගැබිනි මව් වරුන් හට බෙදා දීමට තිබූ ත්‍රිපෝෂ පැකට් 50 කට අධික ප්‍රමාණයක් යම් පුද්ගලයෙකු විසින් ඊයේ (02දා) අළුයම සොරා ගෙන ඇති බවට මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් මැදවච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
මෙලෙස සොරාගෙන ඇත්තේ මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් අගුනොච්චිය ගම්මානයේ ස්ථාපිත කර තිබු ළමා හා මාතෘ සායනයේ ගබඩා කර තිබූ ත්‍රිපෝෂ පැකට් ප්රමාණයකි.
මෙම සායනය මගින් අගුනොච්චිය ඇතුලු අවට ගම්මාන 05 කට පමන සායන පහසුකම් ලබා දෙන අතර දෛනිකව සායනය කරා 200 ට ආසන්න පිරිසක් පැමිණෙන බව මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
මෙම සොරා විසින් සායනයේ දොර කඩා මෙම ත්‍රිපෝෂ පැකට් තොගය සොරාගෙන ඇති බවත් ඒ පිළිබද විධිමත් පරික්ෂණයක් සිදු කිරීමට නියමිත බව ඒ පිළිබඳ අප කළ විමසීමේදී මැදවච්චිය පොලීසය පැවැසීය.
සිඩ්නි රුවන්උබේපාල
