සාම පාගමනේ පළමු දිනයේදීම ආලෝක රෝගී වෙයි
ලෝක සාමය පතා සාම පා ගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේලාට සහ ආලෝක සුනඛයාට බාධා වන අයුරින් නොහැසිරෙන ලෙස මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා ඉල්ලා සිටියි.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා තව දුරටත් සඳහන් කළේ, සාම පා ගමන ආවරණය කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් විශාල පිරිසක් ඉදිරිපත් වීමත් කැමරා විශාල ප්‍රමාණයක් යොමු වීම නිසාත් සාම පා ගමනේ යෙදී සිටින භික්ෂුන් වහන්සේලාට බාධාවක් වන බවත් උන් වහන්සේලාගේ ගමනට බාධා වන බවත් ගමන ප්‍රමාද වන බවත් නිරීක්ෂණය වූ බවත් , ඊයේ දහවල් දානය සැලසුම් කළ ස්ථානයේ සිට කිලෝ මිටර් අටක් පමණ කලින් පිරිනැමීමට සිදු වූ බවත්ය.
එයට අමතරව උන් වහන්සේලා සමඟ ගමන් කරන ආලෝක සුනඛයා අසනීප වූ බවත් එම සුනඛයාට පශු වෛද්‍යවරුන් මගින් ප්‍රතිකාර ලබා දුන් බවත් ඒ මහතා මෙහිදී කීය. එම නිසා මෙම තත්වයන් අවබෝධ කර ගෙන ඉදිරි දිනවලදී පැවැත්වෙන සාම පා ගමනට බාධ නොවන ලෙස හැසිරෙන ලෙසත් නියෝජ්‍ය පොලිස්පති මාසිංහ මහතා මෙහිදී ඉල්ලා සිටියේය.
මොහොමඩ් ආශික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
