සාම්පූර් කරා පුද්ගලයන් රැගෙන ගිය බස් රථ දෙකක් අනතුරක
- 15 04 2020
- 18:36
- {{hitsCtrl.values.hits}} views
- ..
පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් සාම්පූර් බලා රැගෙන යමින් සිටි බස් රථ තුනක් අතරින් බස් රථ දෙකක් කොළඹ බලා ධවනය වූ එළවළු ලොරියක ගැටීමෙන් එළවළු ලොරියේ රියදුරා ජීවිතක්ෂයට පත්ව තවත් 29ක් තුවාල ලබා තිබේ.
මෙසේ තුවාල ලැබූ පිරිසෙන් 26ක් සාම්පූර් දක්වා රැගෙන ගිය පිරිස වෙයි. සෙසු තිදෙනා නාවික හමුදා සෙබළුන් තිදෙනෙකි. තුවාල ලැබූවන් වරකාපොල රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් පසුව බස් රථවල ගමන් කරමින් සිටි පිරිසෙන් තිදෙනෙක් පළාගොස් ඇති අතර පසුව ඉන් දෙදෙනෙක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඉතිරි පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වරකොපොළ රංගන රුවන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
